1564 වර්ශයේ පෙබරවාරි මස 15 වැනි දින ඉතාලියේ පීසා නගරයේ සුප්‍රසිද්ධ සංගීතඥයකු වූ වින්සෙන්සෝ ගැලීලි සහ ජුයාලා අම්මානාතිට උපන් දරැවන් සය දෙනාගේ පළමු වැන්නා වන ගැලීලියෝ ගැලිලි භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු
සහ දාර්ශනිකයෙකු ලෙස විද්‍යාත්මක පුනරුදය උදෙසා විශාල
කාර්යභාරයක් ඉටු කල විද්‍යාඥයෙකි.කුඩා කල සිට ගුරුවරුන් උගන්වන දේ ම ඒ අයුරින්ම පිළිගැනීමට අකැමති වූ ඔහු තමන්ට ඇති අර්බුදකාරි ගැටලු සම්බන්ඳයෙන් ආචාර්යවරුන්ගෙන් ප්‍රශ්න කරමින් අධ්‍යාපනය ලැබූ ඔහු අවසානයේ පීසා විශ්ව විද්‍යාලයේ හා පාදුවා විශ්ව විද්‍යාලයේ ගුරැවරයකු විය.අධ්‍යාපන අවධියේ හමු වූ රිච් නැමැති ගුරැවරයාගේ මඟ පෙන්වීම යටතේ දක්ෂ ගණිතඥයකු වූ ඔහු තාරකා විද්‍යාව පිළිබඳව
වඩාත් උනන්දුවෙන් කටයුතු කළේය. ගැලීලියෝ වඩාත්ම ජනපි‍්‍රයත්වයට පත් වූයේ ඔහු
විසින් නිර්මාණය කළ දුරදක්නය නිසාය.1610 වර්ශයේ ජනවාරි මස 7 වැනි දින තමා විසින් නිර්මාණය කළ දුරදක්නය එල්ල කළ ගැලීලියෝ
බ්‍රහස්පති වටා ඇති උප ග්‍රහයින් 4 දෙනෙක් හඳුනා ගැනීමට සමත් විය.. 1633 දී ඔහු “ප්‍රධාන ලෝක දෙකක් අතර සිදුවන සාකච්ඡාව“ (Dialogue of the Two Chief World Systems) නම් කෘතිය එළිදැක් වුයේය.භෞතික විද්‍යාවේ පියා සහ නූතන විද්‍යාවේ පියා යැයි හදුන්වන ඔහු අවුරැදු 77 ක් ආයු වළඳා 1642 වර්ශයේ ජනවාරි 8 වන දින ඉතාලියේ ආදිපාද දනව්වේදී මිය ගියේය.
බුද්ධියට විමසුම
Saturday, January 14, 2012
Wednesday, January 11, 2012
මාරි කියුරි
1867 වර්ශයේ නොවැම්බර් මස 7 වන දින පෝලන්තයේ වෝර්සෝ නුවරදී උපත ලද මාරියා ස්කොල්ඩොවස්කා කියුරි හෙවත් මාරි කියුරි කථිකාචාර්ය විලද්සිලෝව් ක්ලෝඩ්විස්කි ගේ බාලම දියණිය වේ. අවුරුදු 9 දී ඇයගේ මව ක්ෂය රෝගයෙන් මිය ගිය අතර වැඩිමහල් සොයුරියද වයස අවුරැදු 15 දී මිය ගියාය.කුඩා කාලයේ නගරයේ පාසලකින් මෙන්ම පියාගෙන්ද අධ්‍යාපනය ලැබූ ඇය වැඩිදුර අධ්‍යාපනයට පැරීසියට ගොස් සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගෙන විද්‍යා ක්ෂේත්රයේ නියැලුනාය. 1894 දී ඇයට හමුවුණු පියරේ කියුරි නමැති ප්‍රංශ ජාතික තරුණ භෞතික
විද්‍යාඥයා සමග විවාහ වූ ඇය නිවසේම සාදාගත් රසායනාගාරයේ විද්‍යා පර්යේෂණ
සිදු කලාය.එහිදී ඔවුන් දෙදෙනා ‘රේඩියම්’ නමැති අලුත් ද්‍රව්‍යයක් මෙන්ම පොලෝනියම් නමැති රසායනික ද්‍රව්‍යයකුත් සොයා ගත්හ.1903 දී 1911 දීත් ඔවුන් දෙදෙනා දෙවරක් නොබෙල් ත්යාගයෙ පිදුම් ලැබූහ.1903 දී විද්‍යාවේදී ආචාර්යය උපාධියක් ලබා ගත්තාය.භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද ලෙස කටයුතු කල ඈ 1934 වර්ශයේ ජූලි මස 4 වන දින දැයෙන් සමු ගත්තේ රුධිර සෛලවල ඇති ඌනතාවක් හේතු කොට ගෙනය.
Monday, January 9, 2012
අයිසෙක් නිවිටන්
1642 වර්ශයේ දෙසැම්බර් මස 25 වන දින එංගලන්තයේ වූල්ස්තෝප් නගරයේ උපත ලද අයිසෙක් නිව්ටන් මවගෙන් පමණක් සෙනෙහෙ ලද පුතෙකු වූයේ ඔහු ඉපදීමට මාස දෙකකට ප්‍රථම පියා මිය ගිය බැවිනි.මවගේ දෙවැනි විවාහයෙන් පසුව ඔහු හැදී වැඩුනේ මිත්තණිය ඇසුරේය.භෞතික විද්‍යාඥයකු,ගණිතඥයකු,තාරකා විද්‍යාඥයකු ලෙස සුප්‍රසිද්ධ ඔහු 1964 වර්ශයේ කෙම්බ්රිඡ් විශ්ව විද්‍යාලයට ඇතුළත් වී 1665 දී ශාස්ත්‍රවේදී උපාධියක් ලබා ගත්තේය.1667 සිට 1696 වර්ශය දක්වා ත්‍රිත්ව විදුහලෙහි ගුරැවරයකු ලෙස කටයුතු කල ඔහු 1687 දී Principia යැයි හඳුන්වන Mathematical Principles of Natural Philosophy නම් වු ග්‍රන්ථය ද 1728 දී The System
of the World ග්රන්ථයද පළ කළේය.ප්‍රතිෂ්ටික යන්ත්‍ර පදනම වූ ගුරැත්වාකර්ෂණ නියමය හා චලිතය පිළිබද නියම තුන 1666 දී ඉදිරිපත් කළේය.කලන සංකල්පය ඉදිරිපත් කිරීමත්,සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් ශ්‍රිතයක ශූණයක් පෙන්වීම සඳහා "නිව්ටන් ක්‍රමය"ත් කෝණික ගම්‍යතාවය හා ගම්‍යතා සංස්ථිතිය පිළිබඳ නියමයන් ද ඔහු විසින් ප්‍රකාශයට පත් කළේය.1703 දී ලන්ඩන් රාජකීය සංගමයෙහි සභාපති ලෙස පත් වු ඔහු විවාහ ජීවිතයකට එතරම් ප්‍රියක් දක්වා නැති අතර 1727 දී අභාවයට පත් විය.
Saturday, January 7, 2012
චාල්ස් ඩාවින්
1809 වර්ශයේ පෙබරවාරි 12 වැනි දින එන්ගලන්තයේ ෂර්වස්බරි නගරයේ උපත ලද පරිනාම වාදයේ පියා යැයි විරැදාවලිය ලත් චාල්ස් ඩාවින්,වෛද්‍යවරයකු වන රොබර්ට් වෝනින් ඩාවින්ගේත් සුසාන් වෙඡ්වූඩ්ගේත් පස් වැනි දරැවා ව්.1808 දී එන්ගලන්තයේ ගෲබරි පාසලට ඇතුලත් වු ඔහු 1825 දී එඩින්බර්ග් සරසවියේදී ඡීව විද්‍යාව හැදැරීය.මැවුම් වාදය ප්‍රතික්ෂේප කල ඡීව විද්‍යාඥයකු වන එඩ්මන්ඩ් ග්‍රාන්ට්ගේ පර්යේෂණ වලට සහභාගී වී අත්දැකීම් රාශියක් ලබා ගත්තේය.පවුලේ ආගමික පරිසරය අනුව 1827 දී කෙම්බ්රිඡ් සරසවියට අනුබද්ධ ක්‍රිස්තු විද්‍යාලයකට ඇතුල් වු අතර එහිදී උද්භිද විද්‍යාඥයකු වන හෙන්ස්ලෝගෙන් උද්භිත විද්‍යාව හැදැරීය.පස් වසරක ස්වාභාවික විද්‍යා නෞකා ගවෙෂණයකින් ලබා ගත් ස්වාභාවික වර්ණය ගැන වු අවබෝදය අනුව 1858 දී ස්වාභාවික වර්ණයෙන් පරිණාමය සිදුවන බව ලොවට ප්‍රකාශ කාළේය.1859 දී "On the Origin of Species by Means of Natural Selection"යන කෘතියද,1871 දී "Descent of Men" කෘතියද,1872 දී "The Expression of the Emotion in Man & Animals"කෘතියද ප්‍රකාශ කලේය.1839 දී එම්මා ඩාවින් හා විවාහ වු ඔහු දරැවන් දස දෙනෙකුගේ පියෙක් විය.1882 අප්‍රේල් මස 19 වැනි දින එන්ගලන්තයේ කෙන්ටි හි පිහිටි ඔහුගේ නිවසේදී දැයෙන් සමු ගත්තේය.
ගුග්ලිමෝ මාකෝනි
1874 වර්ශයේ අප්‍රේල් මස 25 වන දින ඉතාලියේ බොලොග්නා නගරයේ උපත ලද ගුග්ලිමෝ මාකෝනි රේඩියෝව ලොවට දායාද කිරීමට මුල් වු පුරෝගාමියා වේ.හිසෙප් මාකෝනි සහ ඇනී ජෙම්සන්ගේ දෙවැනි දරැවා වු මාකෝනි බොලොග්නා රසායානාගාරයේ පෞද්ගලිකව අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය ලිවෝනා කාර්මික ආයතනයේදී හැදෑරීය.විද්‍යාවට සහ විද්‍යුතයට වැඩි කැමැත්තක් දැක්වු ඔහු රේඩියෝ තරංග වලින් රැහැන් රහිත විද්‍යුත් පණිවිඩ යැවීමට අත්හදා බැලීම් කලේය.1897 දි මුහුද හරහා පළමු රැහැන් රහිත පණිවිඩය යැවු අතර 1901 දි ගුවන් සංඥා ක්‍රමය ලොවට හදුන්වා දුන්නේය.1914 දී බ්‍රිතාන්‍යයේ නයිට් පදවියක් ලැබු ඔහු 1909 දි භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ලබා ගත්තේය.1905 දී මාකෝනි බියට්‍රිස් හා විවාහ වු ඔහු දරැවන් සතර දෙනෙකුගේ පියෙක් විය.1937 දී හෘදයාබාධයක් හේතු කොට ගෙන රෝමයේදී අභාවයට පත් විය.
Thursday, January 5, 2012
ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල්
1847 වර්ශයේ මාර්තු මස තුන්වෙනි දින ස්කොට්ලන්තයේ එඩ්න්බර්ග් නගරයේ උපත ලද ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් දුරකථනය ලොවට දායාද කිරීමට මුල් වු පුරෝගාමියා වෙ. මහාචාර්ය ඇලෙක්සැන්ඩර් මෙල්විල් බෙල් සහ එලීසා ග්‍රේස්ගේ පුතු වු ඔහු මොරෙන්ටෝ විශ්ව විද්‍යාලයේ උසස් අධ්‍යාපනය ලැබ විද්‍යාඥයෙකු,ඉංජිනේරැවරයකු,භාෂා ශබ්ද නැගීම සම්බන්ධ ගුරැවරයකු ලෙස සේවය කලේය.1863 දී වෙනත් නව නිර්මාණකරුවෙකුගේ නිර්මාණයක් අනුකරණය කරමින් ඔහු සහෝදරයා හා එක්ව "කතාකරන ඔලූව” නිපදවීය.චිත්‍ර ඇඳීමට, මැටි බඳුන් කර්මාන්තයට දස්කම් දැක්වු ඔහු තිරිගු ඇටවල පොත්ත වෙන් කිරීමේ යන්ත්‍රයක් නිර්මාණය කලේය.1877 වර්ශයේ මාබල් හබ්බර්ඩ් හා විවාහ වු ඔහු දරැවන් සතර දෙනකුගේ පියෙක් විය.දියවැඩියා රෝගයෙන් පෙළුණු ඔහු 1922 අගෝස්තු මස දෙවෙනි දින දැයෙන් සමුගත්තේය.
Tuesday, January 3, 2012
මුලාරම්භයට පිවිසෙමු.....
ලෝකයේ අපි නොදන්න බොහෝ දේවල් සිද්ද වෙනවා.යමෙකු දිනන කොට යමෙකු පරදිනවා.ඒක ලෝක ධර්මය.වෙන්නෙ මොනවද කියලා අපි දැනගෙන ඉන්න ඔන.නැත්තම් අපි පරදිනවා.ලෝකය බිහිවුන දා ඉඳන් හදුන්වා දුන්න දේවල් එමටයි.එකෙනුත් අපි දන්නෙ කොච්චර සිමිත සංඛ්‍යාවක්ද?ඔබ දන්න නොදන්න දේවල් ගැන අපි කතා කරමු.බුද්ධිය විමසන්න මාත් එක්ක එකතු වන්න.....
Subscribe to:
Posts (Atom)