Wednesday, January 11, 2012

මාරි කියුරි

1867 වර්ශයේ නොවැම්බර් මස 7 වන දින පෝලන්තයේ වෝර්සෝ නුවරදී උපත ලද  මාරියා ස්කොල්ඩොවස්කා කියුරි හෙවත් මාරි කියුරි කථිකාචාර්ය විලද්සිලෝව් ක්ලෝඩ්විස්කි ගේ බාලම දියණිය ‍වේ. අවුරුදු 9 දී ඇයගේ මව ක්‍ෂය රෝගයෙන් මිය ගිය අතර වැඩිමහල් සොයුරියද වයස අවුරැදු 15 දී මිය ගියාය.කුඩා කාලයේ නගරයේ පාසලකින් මෙන්ම පියාගෙන්ද අධ්‍යාපනය ලැබූ ඇය වැඩිදුර අධ්‍යාපනයට පැරීසියට ගොස් සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගෙන විද්‍යා ක්ෂේත්‍රයේ නියැලුනාය. 1894 දී ඇයට හමුවුණු පියරේ කියුරි නමැති ප‍්‍රංශ ජාතික තරුණ භෞතික විද්‍යාඥයා සමග විවාහ වූ ඇය නිවසේම සාදාගත් රසායනාගාරයේ විද්‍යා පර්යේෂණ සිදු කලාය.එහිදී ඔවුන් දෙදෙනා ‘රේඩියම්’ නමැති අලුත් ද්‍රව්‍යයක් මෙන්ම පොලෝනියම් නමැති රසායනික ද්‍රව්‍යයකුත් සොයා ගත්හ.1903 දී 1911 දීත් ඔවුන් දෙදෙනා දෙවරක් නොබෙල් ත්‍යාගයෙ පිදුම් ලැබූහ.1903 දී විද්‍යාවේදී ආචාර්යය උපාධියක් ලබා ගත්තාය.භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද ලෙස කටයුතු කල ඈ 1934 වර්ශයේ ජූලි මස 4 වන දින දැයෙන් සමු ගත්තේ රුධිර සෛලවල ඇති ඌනතාවක් හේතු කොට ගෙනය.

No comments:

Post a Comment