Saturday, January 14, 2012

ගැලීලියෝ ගැලිලි

1564 වර්ශයේ පෙබරවාරි මස 15 වැනි දින ඉතාලියේ පීසා නගරයේ සුප‍්‍රසිද්ධ සංගීතඥයකු වූ වින්සෙන්සෝ ගැලීලි සහ ජුයාලා අම්මානාතිට උපන් දරැවන් සය දෙනාගේ පළමු වැන්නා වන ගැලීලියෝ ගැලිලි භෞතික විද්‍යාඥයෙකු , ගණිතඥයකු , තාරකා විද්‍යාඥයකු සහ දාර්ශනිකයෙකු ‍ලෙස විද්‍යාත්මක පුනරුදය උදෙසා විශාල කාර්යභාරයක් ඉටු කල විද්‍යාඥයෙකි.කුඩා කල සිට ගුරුවරුන් උගන්වන දේ ම ඒ අයුරින්ම පිළිගැනීමට අකැමති වූ ඔහු තමන්ට ඇති අර්බුදකාරි ගැටලු සම්බන්ඳයෙන් ආචාර්යවරුන්ගෙන් ප‍්‍රශ්න කරමින් අධ්‍යාපනය ලැබූ ඔහු අවසානයේ පීසා විශ්ව විද්‍යාලයේ හා පාදුවා විශ්ව විද්‍යාලයේ ගුරැවරයකු විය.අධ්‍යාපන අවධියේ හමු වූ රිච් නැමැති ගුරැවරයාගේ මඟ පෙන්වීම යටතේ දක්‍ෂ ගණිතඥයකු වූ ඔහු තාරකා විද්‍යාව පිළිබඳව වඩාත් උනන්දුවෙන් කටයුතු කළේය. ගැලීලියෝ වඩාත්ම ජනපි‍්‍රයත්වයට පත් වූයේ ඔහු විසින් නිර්මාණය කළ දුරදක්නය නිසාය.1610 වර්ශ‍යේ ජනවාරි මස 7 වැනි දින තමා විසින් නිර්මාණය කළ දුරදක්නය එල්ල කළ ගැලීලියෝ බ‍්‍රහස්පති වටා ඇති උප ග‍්‍රහයින් 4 දෙනෙක් හඳුනා ගැනීමට සමත් විය.. 1633 දී ඔහු “ප‍්‍රධාන ලෝක දෙකක් අතර සිදුවන සාකච්ඡාව“ (Dialogue of the Two Chief World Systems) නම් කෘතිය එළිදැක් වුයේය.භෞතික විද්‍යාවේ පියා සහ නූතන විද්‍යාවේ පියා යැයි හදුන්වන ඔහු අවුරැදු 77 ක් ආයු වළඳා 1642 වර්ශයේ ජනවාරි 8 වන දින ඉතාලියේ ආදිපාද දනව්වේදී මිය ගියේය.

No comments:

Post a Comment