Saturday, January 7, 2012

ගුග්ලිමෝ මාකෝනි


1874 වර්ශයේ අප්‍රේල් මස 25 වන දින ඉතාලියේ ‍බො‍ලොග්නා නගරයේ උපත ලද ගුග්ලිමෝ මාකෝනි රේඩියෝව ලොවට දායාද කිරීමට මුල් වු පුරෝගාමියා වේ.හිසෙප් මාකෝනි සහ ඇනී ජෙම්සන්ගේ දෙවැනි දරැවා වු මාකෝනි බොලොග්නා රසායානාගාරයේ පෞද්ගලිකව අධ්‍යාපනය ලැබ උසස් අධ්‍යාපනය ලිවෝනා කාර්මික ආයතනයේදී හැදෑරීය.විද්‍යාවට සහ විද්‍යුතයට වැඩි කැමැත්තක් දැක්වු ඔහු රේඩියෝ තරංග වලින් රැහැන් රහිත විද්‍යුත් පණිවිඩ යැවීමට අත්හදා බැලීම් කලේය.1897 දි මුහුද හරහා පළමු රැහැන් රහිත පණිවිඩය යැවු අතර 1901 දි ගුවන් සංඥා ක්‍රමය ලොවට හදුන්වා දුන්නේය.1914 දී බ්‍රිතාන්‍යයේ නයිට් පදවියක් ලැබු ඔහු 1909 දි භෞතික විද්‍යාවට හිමි නො‍බෙල් ත්‍යාගය ලබා ගත්තේය.1905 දී මාකෝනි බියට්‍රිස් හා විවාහ වු ඔහු දරැවන් සතර දෙනෙකුගේ පියෙක් විය.1937 දී හෘදයාබාධයක් හේතු කොට ගෙන රෝමයේදී අභාවයට පත් විය.

No comments:

Post a Comment